ඔස්ට්‍රේලියානු වෙරළක මෝර ප්‍රහාරයකින් කාන්තාවක් මරුට
ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් හි වඩාත් ජනප්‍රිය මුහුදු වෙරළක පිහිනමින් සිටියදී මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වූ කාන්තාවක ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.
ක්‍රිස්ටීන් ආම්ස්ට්‍රෝන්ග් නමැති 63 හැවිරිදි කාන්තාව මෝර ප්‍රහාරයට ලක්වන ආකාරය ඇගේ සැමියා විසින් දැක ඇති බවත්, ප්‍රහාරය එල්ල කළ මෝරා අඩි 3 - 4 ත් අතර ප්‍රමාණයේ මෝරෙකු බවත් ඔහු පවසා තිබේ.
කෙසේ වෙතත් මෙම අවාසනාවන්ත සිදුවීමෙන් පසුව එම වෙරළ තීරය වසා දමා ඇති අතර, ක්‍රිස්ටීන් ආම්ස්ට්‍රෝන්ගේ සිරුර සොයා ගැනීම සඳහා බෝට්ටු සහ හෙලිකොප්ටර් යානා පවා යොදවා තිබුණු බව පැවසෙයි.
මෙසේ මරණයට පත්ව ඇති ක්‍රිස්ටීන් නිතිපතා මෙම වෙරළ තීරයේ පිහිනීමට පැමිණෙන, මෙම වෙරළ තීරය හුරුපුරුදු කාන්තාවක බවද කියැවෙයි. ඇයගේ පවුලේ ඥාතීන් පවසා ඇත්තේ ඇය පසුගිය වසර 14ක කාලය තුළ මෙම වෙරළ තීරයේ පිහිනීමට පැමිණ ඇති බවයි.
පසුගිය මාස කිහිපය තුළ ඔස්ට්‍රේලියානු වෙරළ තීරයන් හි මේ ආකාරයේම මෝර ප්‍රහාර පිළිබඳ අවස්ථා කිහිපයකදීම වාර්තා වී ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

