නේපාල කාන්තාවන් සිය ඔසප් සමයේදී නිවසින් බැහැර කර තැබීමට එරෙහිව එරට නීති සම්පාදකයන් විසින් නව නීති හඳුන්වාදීමක් සිදුකර තිබේ.
ඒ අනුව, මෙම නව නීතිය යටතේ ඔසප් සමයේදී කාන්තාවන් නිවසින් බැහැර කිරීමට යම් තැනැත්තෙකු කටයුතු කළහොත් ඔහු හෝ ඇය මාස තුනක සිර දඬුවමකට සහ ඇ.ඩො.30ක දඩයකට යටත් කළ හැකිය.
චාවූපාදි යනුවෙන් හැඳින්වෙන මෙම සාම්ප්‍රදායික චාරිත්‍රය නේපාලයේ සිදුවන අතර, මෑතකදී නිවසින් බැහැර කුඩා මඩුවක රඳවා සිටි කාන්තාවන් දෙදෙනෙකු මියයෑමේ සිදුවීමත් සමග මෙය සමාජයේ දැඩි කතාබහකට ලක්විය.
ඒ අනුව, එරට පාර්ලිමේන්තුව දක්වාම මෙය දුරදිග ගිය අතර, එහිදී මෙම නව නීති සම්පාදනය සිදුකෙරිණ. නමුත්, මීට එරෙහිව නැගී සිටි සංවිධාන පෙන්වා දෙන්නේ නීති සම්පාදනයෙන් පමණක් මෙවැනැනක් වැළැක්විය හැකිද යන්නයි.
නේපාලයේ හින්දූන්ගේ විශ්වාසය අනුව යම් කාන්තාවක සිය ඔසප් සමයේදී හෝ දරුවෙකු ලැබුණු විගස අපිරිසුදු හෝ අවාසනාවක් ලෙස සලකන අතර, මේ නිසා එම කාලයේදී කාන්තාවන් කුඩා මඩුවක හෝ හරක් මඩුවක නිදිකරවීම සාමාන්‍යයෙන් සිදුවන්නකි.