වගකීමෙන් තොර සමාජජාල මාධ්‍ය භාවිතය පිළිබඳ අනතුරු ඇඟවීමක් හිටපු ඇමෙරිකානු ජනපති බරැක් ඔබාමා විසින් තරමක් දුර්ලභ මාධ්‍ය හමුවකදී හෙළිදරව් කර තිබේ.
පසුගිය ජනවාරි මාසයේදී බලයෙන් ඉවත්ව යෑමෙන් පසුව හිටපු ඇමෙරිකානු නායකයා මාධ්‍ය හමුවට කැඳවා ඇත්තේ බී.බී.සී. රේඩියෝ 4 නාලිකාවයි. එමෙන්ම, මෙහිදී හිටපු ජනාධිපතිවරයා වෙත ප්‍රශ්න යොමුකර ඇත්තේ බ්‍රිතාන්‍ය කිරීටයේ හැරී කුමරුන් විසිනි.
මෙහිදී, ඔබාමා වැඩිදුරටත් පවසා ඇත්තේ මෙවැනි වගකීමෙන් තොර සමාජජාල මාධ්‍ය භාවිතය ඇතැම් සංකීර්ණ කාරණා සම්බන්ධයෙන් මිනිසුන් තුළ වූ අවබෝධය විකෘති කිරීමකට මෙන්ම, වැරදි තොරතුරු ගලායෑමට හේතුවන බවයි.
වත්මන් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් සමාජජාලය සමග නිරන්තරයෙන් සම්බන්ධව කටයුතු කරන්නෙකි. කෙසේ වෙතත්, බරැක් ඔබාමා මෙම මාධ්‍ය හමුවේදී ට්‍රම්ප් වෙත සෘජුව ඇඟිල්ල දිගු කිරීමක් සිදු නොකිරීමද විශේෂත්වයකි.