ජපානයේ හිරෝෂිමා නගරය වෙත පැමිණි බලයේ සිටින ප්‍රථම ඇමෙරිකානු ජනාධිපතිවරයා ලෙස බරැක් ඔබාමා හිරෝෂිමා වෙත ඓතිහාසක සංචාරයක නිරත විය.
ඇමෙරිකානු න්‍යෂ්ටික බෝම්බයකින් සුනුවිසුණු වී ගිය හිරෝෂිමාව වෙත ඇමෙරිකානු ජනාධිපතිවරයෙකුගේ පැමිණීම ලෝකයෙන් න්‍යෂ්ටික අවි ආයුධ තුරන් කිරීම සඳහා වොෂිංටනයේ හා ටෝකියෝවේ අත්වැල් බැඳගැනීමක් බව ප්‍රකට කර තිබුණි.
එහිදී, එම පරමාණු බෝම්බයට ගොදුරුව ජීවිත හානි වූවන් සිහිකළ ඔබාමා යළිත් න්‍යෂ්ටික බෝම්බවලින් තොර ලෝකයක් බිහිකිරීම සඳහා කටයුතු කරන බව අවධාරණය කළේය.
1945 අගෝස්තු 6 වැනිදා හිරෝෂිමාව වෙත ඇමෙරිකානු පරමාණු බෝම්බය හෙලුණු අතර, ඉන් මියගිය පිරිස 140,000 කට අධිකය.
මෙය, අතීතයේ සතුරුව සිටි රාජ්‍යයන් දෙකක් වර්තමානයේදී මිතුරුව ඒ අමිහිරි මතකයන් මැද එක්ව සිටිනු දක්නට ලැබුණු ඓතිහාසික අවස්ථාවක් බව විදෙස් මාධ්‍ය කියා සිටියේය.