IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදය ඇතුළු මැදපෙරදිග කලාපයෙන් වර්තමානයේ එල්ල වන ආරක්ෂක තර්ජන පිටුදැකීම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළක් පිළිබඳව ඇමෙරිකාව හා සෞදිය සාකච්ඡා කර තිබේ.
සෞදි ආරාබියේ සංචාරයක නිරත ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා, සෞදියේ සල්මාන් රජු සමග මෙම විශේෂ සාකච්ඡාව පවත්වා තිබේ.
කෙසේ වෙතත්, සෞදිය ඇතුළු ගල්ෆ් තෙල් රාජ්‍යයන් රැසක් ඔබාමා පාලනය සම්බන්ධයෙන් එතරම් සුබවාදී ආකල්පයක් නොදක්වන බව නොරහසකි.
විශේෂයෙන්ම, ඉරානය සමග ඇමෙරිකාව යම් එකඟතාවන්ට පැමිණීම එකී රටවල උදහසට හේතු විය.