ඇමෙරිකානු පරිමාණු බෝම්බ ප්‍රහාරයකින් මීට වසර 71 කට පෙර සම්පූර්ණයෙන්ම විනාශ වූ ජපානයේ හිරෝෂිමා නගරය වෙත බලයේ සිටින ඇමෙරිකානු ජනාධිපතිවරයෙකුගේ ප්‍රථම සංචාරය සිදුවීමට නියමිත බව වාර්තා වෙයි.
ජපානයේ නිකී පුවත්පත වාර්තා කරන ආකාරයට මැයි මස අගදී ඇමෙරිකානු ජනපති බරැක් ඔබාමා ජපානයේ හිරෝෂීමා වෙත සංචාරය කිරීමට නියමිතය.
ජී7 කණ්ඩායමේ සමුළුවට සහභාගී වන අතරතුර එළැඹෙන මැයි 27 වැනිදා මෙම සංචාරය සිදුකිරීම සඳහා ජපානය වෙත දන්වා ඇති බව නිල නොලත් ආරංචි මාර්ග පවසයි.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශය හෝ කැබිනට් මණ්ඩල කාර්යාලය ප්‍රකාශයක් සිදුකර නොමැති බවද විදෙස් වාර්තා පවසයි.
1945 අගෝස්තු 06 වැනිදා හිරෝෂිමා නගරය වෙතත්, ඉන් දින දෙකකට පසුව නාගසාකි වෙතත් ඇමෙරිකානුවන් විසින් පරමාණු බෝම්බයක් එල්ල කිරීම සාධාරණ බව එරට බහුතර ජනතාවගේ මතය වන අතර, එය යුද්ධය අවසන් වෙමින් ඇමෙරිකානුවන්ගේ ජීවිත ආරක්ෂා වීමට හේතු වූ බව කියයි. කෙසේ වෙතත්, ජපානයේ බහුතර ජනතාව පවසන්නේ මෙම පරමාණු බෝම්බ ප්‍රහාරය කිසිසේත්ම සාධාරණ වූවක් නොවන බවයි.