ඇමෙරිකාවේ ප්‍රකට ව්‍යාපාරික එලොන් මස්ක් සිය නවතම රොකට්ටුව ෆ්ලොරීඩා හි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් දියත් කර තිබේ.
ෆෝල්කන් හෙවි ලෙස නම් කෙරුණු මෙම දැවැන්ත රොකට්ටුව ස්පේස් ෂටල් රොකට්ටුවලින් පසුව උඩුගුවනට යැවුණු දැවැන්ත රොකට්ටුවක් ලෙස ඉතිහාසගත වෙයි.
එහිදී, මෙම දැවැන්ත රොකට්ටුව දියත් කිරීම අතිශය සංකීර්ණ මෙන්ම අවදානම් සහගත කාර්යයක් වුවත්, එය සාර්ථකව සිදුකිරීමට හැකි වුවත්, මෙහි මූලික අදියරෙහි සාර්ථකත්වය සියයට 50 බැගින් පවතින බව ස්පේස්එක්ස් ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක් පවසයි.
මෙම රොකට්ටුව අත්හදා බැලීමේ මූලික අරමුණක් වී ඇත්තේ පෘථිවි කක්ක්ෂය වෙත උපරිම බරක් රැගෙන යාමට අවස්ථාව සැලසීමය.
එය ටොන් 64 ඉක්මවන බරක් විය හැකි අතර, සාමාන්‍යයෙන් ඩබල් ඩෙකර් බස් රථ පහක පමණ බරකට සමාන කළ හැකිය.
මෙම මෙහෙයුම සඳහා ඔහුගේ නවතම ටෙස්ලා ස්පෝට් කාර් රථයක්ද අභ්‍යවකාශයට යැවීමට මස්ක් අදහස් කර ඇති අතර, අභ්‍යවකාශයට ගැළපෙන ආකාරයෙන් රථය පාලනය කිරීමට රියදුරුට අවශ්‍ය පහසුකම් සලසන බවද ඔහු වැඩිදුරටත් පවසයි.