ජනප්‍රිය හොලිවුඩ් නිළි එමා වොට්සන්ගේ පෞද්ගලික ඡායාරූප එකතුවක් අන්තර්ජාලයට එක්වීමත් සමග ඇය නීති මාර්ගයට පිවිස ඇති බව විදෙස් වාර්තා පවසයි.
මේ දිනවල රිදී තිරයට එන බියුටි ඇන්ඩ් ද බීස්ට් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන එමා ඇඳුම් කිහිපයක් හැඳ බලන අවස්ථා දැක්වෙන ඡායාරූප කිහිපයක් මෙසේ සොරකම් කර ඇති බව කියැවෙයි.
කෙසේ වෙතත්, මීට වසර කිහිපයකට ලබාගෙන තිබූ මෙම ඡායාරූප නිරුවත් ඡායාරූප නොවන බව ඇයගේ නීතීඥයන් පවසයි. නමුත්, මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මාධ්‍යයට නොපවසන ලෙස තමන්ට උපදෙස් ලැබී ඇති බවද නීතීඥයෝ පවසා සිටිති.