එබෝලා වැනි වෛරසයක් හේතුවෙන් හටගත් රක්තපාත උණ රෝග ලක්ෂණ පෙන්නුම් කරන රෝගියෙකු කැනඩාවෙන් හමුවී ඇති බව එරට සෞඛ්‍ය බලධාරීහු පවසති.
මෙම තැනැත්තා බටහිර අප්‍රිකානු රටක් වූ ලයිබීරියාවේ සිට මෑතකදී පැමිණි අයෙකු බවද, ඔහු මේ වනවිට දරුණු ලෙස රක්තපාත උණ තත්ත්වයකින් පසුවන බවද කියැවෙයි.
කෙසේ වෙතත්, මේ වනවිට අදාල රෝගියා හුදකලා කරමින් ප්‍රතිකාර සිදුකරන බව පෙන්වා දෙන සෞඛ්‍ය බලධාරීන්, වෙනත් අයට වෛරසය පැතිරීමේ අවදානම අවම මට්ටමක පවතින බවද අවධාරණය කරයි.
මේ වනවිට එබෝලා වෛරසය ගිනියාවෙන් හා ලයිබීරියාවෙන් වර්තා වන අතර, ගිනියාවේ මිනිස් ජීවිත රැසක් බිලිගැනීමට වෛරසය හේතු වූ බව කියවුණි.
නමුත්, ගිනියාවේ අගනගරය වූ කොන්ක්‍රි සෞඛ්‍ය බලධාරීන් අවධාරණය කර සිටියේ එම මරණවලට හේතුව එබෝලා වෛරසය නොවන බවයි.