ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීමේ ඇමෙරිකානු තීරණය ඉවත් කරගන්නා ලෙස ඉදිරිපත් වූ යෝජනාවට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී සහාය පළ වුවද, එම ඡන්ද ප්‍රතිඵලය බැහැර කරන බවත්, එක්සත් ජාතීන් යනු බොරුවෙන් යුතු තැනක් බවත් ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා සිටියේය.
මේ අතර නිවේදනයක් නිකුත් කළ ඊශ්‍රායල් අගමැතිවරයා කියා සිටියේ ජෙරුසලම වෙනුවෙන් ජනපති ට්‍රම්ප් දරණ ඒකායන ස්ථාවරයට ස්තූතිය පළ කරන අතර, සත්‍යය පැත්තෙහි හිඳ ඊශ්‍රායලය හා එක්ව ඡන්දය දුන් රටවලට ස්තූතිය පළ කරන බවයි.