එ.ජා. සම්බාධක යුදමය ක්‍රියාවක් - උ.කොරියාව
තම රටට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පණවා ඇති නවතම සම්බාධක යුදමය ක්‍රියාවක් බව උතුරු කොරියාව අවධාරණය කරයි.
උතුරු කොරියානු විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ එම සම්බාධක සම්පූර්ණයෙන්ම තම රටේ ආර්ථිකය අඩපණ කිරීමේ අරමුණින් සිදුකළ ක්‍රියාවක් බවයි.
උතුරු කොරියාව විසින් නොනවත්වා සිදුකරන බැලස්ටික් මිසයිල අත්හදා බැලීම්වලට විරෝධය පෑමක් ලෙස පසුගිය 23දා එරටට එරෙහිව නවතම සම්බාධක පැණවීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය කටයුතු කළේය.
ඇමෙරිකා එක්සත් ජනපදය විසින් කෙටුම්පත් කළ මෙම සම්බාධක පැණවීමේ යෝජනාවට ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රටවල් 15ම ඒකමතික අනුමැතිය පළ කර තිබුණි.
මෙම සම්බාධකවල ප්‍රධාන යෝජනාවක් වන්නේ උතුරු කොරියාවේ පෙට්‍රල් ආනයන 90%කින් අඩු කිරීමය.
ඒ අනුව, උතුරු කොරියාවට වසරකට ලබාදෙන පෙට්‍රල් නිෂ්පාදන බැරල් ලක්ෂ 5කට සීමා කෙරෙන අතර, බොර තෙල් ප්‍රමාණයද වසරකට බැරල් ලක්ෂ 40කට සීමා වීමක් සිදුවනු ඇත.
මීට අමතරව, විදේශයන්හි සේවයේ නිරතව සියලු උතුරු කොරියානුවන් ඉදිරි වසර 02 ඇතුළත යළි සිය රට බලා පැමිණිය යුතු අතර, එමගින් එරටට ලැබෙන විදේශ විනිමය කපා හැරීම එක්සත් ජාතීන්ගේ අරමුණ වී තිබේ.
එමෙන්ම, විද්‍යුත් උපකරණ සහ යන්ත්‍ර සූත්‍ර වැනි උතුරු කොරියාවේ අපනයනවලටද මෙම නවතම සම්බාධකවලින් තහනමක් පැනවෙනු ඇති බව කියැවේ.
උතුරු කොරියානු ගැටලුවට රාජ්‍යතාන්ත්‍රික මාර්ගයෙන් විසඳුමක් සොයාගැනීමේ අරමුණින් මෙම නව සම්බාධක පිළිබඳව යෝජනාව ඉදිරිපත් කරන බව එක්සත් ජනපදය සඳහන් කර තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.




