එ.ජා.අයවැයට ලබාදෙන ඇමෙරිකානු මුදල් කපයි
එක්සත් ජාතීන්ගේ අයවැය ලේඛනය සඳහා ඇමෙරිකානු දායකත්වය ලෙස ලබාදෙන සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් කපා හැරීමට ඇමෙරිකා එක්සත් ජනපදය තීරණය කර තිබේ.
ජෙරුසලම සම්බන්ධයෙන් වූ ඇමෙරිකානු තීරණයට එරෙහිව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී ඇමෙරිකා එක්සත් ජනපදයට එරෙහිව යෝජනාවක් සම්මත වීම මෙම ක්‍රියාවලියට ආසන්නතම හේතුවයි. එහිදී, ඇමෙරිකාවට එරෙහි යෝජනාවට ශ්‍රී ලංකාවද ඇතුළුව පක්ෂව ඡන්ද 128ක් ලැබුණි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු නියෝජිත පිරිස නියෝජනය කරමින් එහි නිත්‍ය නියෝජිත නිකී හේලි පවසා සිටියේ 2018 - 2019 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අයවැය ලේඛනයේ ඇමෙරිකානු දායකත්වය ඇ.ඩො.මිලියන 285ක් කපා දැමීමට තීරණය කර ඇති බවයි.
එමෙන්ම, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කළමනාකාරීත්වයට මෙන්ම, එහි සහායක වෘත්තීන්ටද ලබාදෙන දායකත්වය අඩු කිරීමටද ඇමෙරිකා එක්සත් ජනපදය තීරණය කර තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පවතින අකාර්යක්ෂමතාව මෙන්ම, පමණ ඉක්මවූ වියදම් මේ වනවිටත් ප්‍රකට කරුණක් බව පෙන්වා දෙන නිකී හේලි වැඩිදුරටත් පවසන්නේ, ඇමෙරිකානු ජනතාවගේ නිර්ලෝභීත්වයෙන් අනවශ්‍ය වාසියක් ලබාගැනීමට කිසිවෙකුට අවස්ථාවක් නොදෙනු ඇති බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.




