උබර් ස්වයං ධාවන මෝටර් රථයක් අනතුරට ලක්වීමත් සමග එම රථ සියලුම මෝටර් රථ ධාවනයෙන් ඉවත්කර ගැනීමට පියවර ගෙන තිබේ.
ඇමෙරිකාවේ, ඇරිසෝනා ප්රාන්තයේදී මෙම අනතුර සිදුව ඇති අතර, එහිදී පැත්තකට පෙරළී ඇති මෝටර් රථයේ ඡායාරූප සමාජජාල ඔස්සේ වේගයෙන් හුවමාරු වෙමින් තිබුණි.
වොල්වෝ එස්.යූ.වී. මාදිලියේ උබර් මෝටර් රථයක් මෙම අනතුරට ලක්ව ඇති අතර, එම අනතුර සිදුවන අවස්ථාවේදී රථය රියදුරු රහිත ස්වයං ධාවන තත්ත්වයේ පැවතී ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
කෙසේ වෙතත්, මෙම අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැත. උබර් ස්වයං ධාවනයක් සහිත මෝටර් රථවල ධාවනයේදී රියදුරු අසුනේ අයෙකු සිටියත්, මෙම අනතුර සිදුවන අවස්ථාවේදී ඔහු රථයේ පාලනය තමා යටතට ගත්තේද යන්න පැහැදිලි නොමැති බවද පොලීසිය පවසයි.