උතුරු සහ දකුණු කොරියානු දේශසීමාවල පවතින නොරිස්සුම්කාරී වාතාවරණය පහ කරමින් ආරක්ෂක සාකච්ඡා ආරම්භ කිරීමට එකඟත්වයකට පැමිණ තිබේ.
වසර දෙකකට පසුව උතුරු දකුණු කොරියානු රාජ්‍යයන් දෙරට අතර ප්‍රථම සාකච්ඡා වටය ආරම්භ කරමින් මෙම එකඟත්වයට පැමිණ ඇත.
මේ අතර, 2018 පෙබරවාරි මාසයේදී දකුණු කොරියාවේ, සෝල් නුවරදී පැවැත්වෙන ශීත සෘතු ඔලිම්පික් උලෙළට තම කණ්ඩායමක් සහභාගී කරවන බවද උතුරු කොරියාව තහවුරු කර ඇත.
එමෙන්ම, මීට දෙවසරකට පෙර දෙරට අතර ඇණ හිටි සෘජු දුරකථන යළි සක්‍රීය වීම තහවුරු වීමද මෙම සාකච්ඡා හරහා සිදුවිය.
කෙසේ වෙතත්, සම්පූර්ණයෙන්ම න්‍යෂ්ටික අත්හදා බැලීම් අත්හැරීම තත්ත්වයට පත්වීම සම්බන්ධයෙන් උතුරු කොරියාවෙන් මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් හිමි නොවූ බව දකුණු කොරියාව පවසයි.