උතුරු හා දකුණු කොරියාව අතර සාකච්ඡා ආරම්භ වේ
වසර දෙකකට පසුව උතුරු කොරියාව සහ දකුණු කොරියාව ඉහළ මට්ටමේ සාකච්ඡා වටයක් ආරම්භ කර තිබේ.
පැනමුන්ජොම් ගම්මානයේ වූ සාම නිල නිවසේදී මෙම සාකච්ඡා අද (09දා) එරට වේලාවෙන් පෙ.ව. 10.00ට සාකච්ඡා ආරම්භ කෙරී ඇත.
මෙම සාකච්ඡාවලදී 2018 පෙවරවාරි මාසයේදී දකුණු කොරියාවේ සෝල් නුවරදී පැවැත්වෙන 2018 සීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උලෙළ වෙත උතුරු කොරියාවේ සහභාගීත්වය පිළිබඳවද කතාබහට ලක්වනු ඇති බව විදෙස් වාර්තා පවසයි.
මේ අතර, දකුණු කොරියාව කියා සිටියේ දෙරට අතර අභ්‍යන්තර කොරියානු සම්බන්ධතා වර්ධනය කිරීමේ මං තවදුරටත් සොයා බලන බවයි.
උතුරු කොරියාව පසුගිය කාලය පුරාවට දිගින් දිගටම සිදුකළ මිසයිල අත්හදා බැලීම් සහ න්‍යෂ්ටික අත්හදා බැලීම් සමග උතුරු සහ දකුණු කොරියාව අතර පැවති සාකච්ඡා බිඳ වැටුණි.
එමෙන්ම, උතුරු කොරියානු දේශසීමාවේ පවතින කෙසොන්ග් ආර්ථික කලාපයේ වූ ඒකාබද්ධ ආර්ථික ව්‍යාපෘතිද නවතා දැමීමට දකුණු කොරියාව මේ වාතාවරණය සමග කටයුතු කළේය.
මේ සමගම දෙරටේ සෘජු දුරකථන සංවාද පවා කපා දැමුණු අතර, ඔවුන් අතර අවසන් වරට ඉහළ මට්ටමේ සාකච්ඡාවක් පැවැත්වී තිබුණේ වර්ෂ 2015 දෙසැම්බර් මාසයේදීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.




