දකුණු කොරියාව වෙත සෘජු දුරකථන ඇමතුම් ලබාදීමේ සේවාව යළි සක්රීය කිරීමට උතුරු කොරියාව කටයුතු කර තිබේ.
උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන්ගේ විධානයකට අනුව අක්රීය කර තිබූ මෙම සේවාව නැවත සක්රීය කර ඇත.
එහිදී, දකුණු කොරියාව තහවුරු කරනු ලැබුවේ එරට වේලාවෙන් සවස 3.30 ට උතුරු කොරියාවෙන් තමන් වෙත දුරකථන ඇමතුමක් ලැබුණු බවයි.
මේ අතර, සිය නව අවුරුදු කතාව කරමින් උතුරු කොරියානු නායකයා පවසා සිටියේ තමන් සෝල් පාලනයත් සමග යළි සාකච්ඡා ඇරඹීමට සූදානමින් සිටින බවයි.
එමෙන්ම, දකුණු කොරියාවේදී පැවැත්වෙන මෙවර සීත සෘතු ඔලිම්පික් ක්රීඩා උලෙළ වෙත උතුරු කෙරියානු ක්රීඩා කණ්ඩායමක් යැවීමට බලාපොරොත්තු වන බවද උතුරු කොරියානු නායකයා පවසා සිටියේය.
ඒ අනුව, ඔහු සිය කතාවේදී ඇමෙරිකාවට දෙහි කපමින්, දකුණු කොරියාවට මිත්රශීලී හස්තයක් දිගු කිරීමට කටයුතු කර ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.