උතුරු කොරියාව සුවිශේෂී ක්‍රියාකාරීත්වයකින් යුතු අධිබල රොකට් එන්ජිමක් සාර්ථකව අත්හදා බැලූ බව එරට රජයේ මාධ්‍ය අනාවරණය කරයි.
මෙය උතුරු කොරියාවේ රොකට් එන්ජින් කර්මාන්තයේ නව යුගයක ආරම්භය බව එරට නායක කිම් ජෝන්ග් - උන් පවසයි.
මෙය ලෝකයේ ප්රමුඛ පෙළේ අභ්‍යවකාශ තරණයන් සම්බන්ධයෙන් උතුරු කොරියාව ලද ජයග්‍රහණයක් බවද හෙතෙම පවසයි.
කෙසේ වෙතත්, මෙය වෙනත් කිසිදු ස්වාධීන මාධ්‍යයකින් වාර්තා නොවන අතර, ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා චීනයේ සංචාරයක නිරත අවස්ථාවක මෙම පුවත එළිදැකීමේ සුවිශේෂීතාවක් පවතින බවද විදෙස් වාර්තා පෙන්වාදෙයි.
විශේෂයෙන්ම උතුරු කොරියාව පසුගිය කාලය පුරාවට සිදුකළ න්‍යෂ්ටික අත්හදා බැලීම් හා ඔවුන්ගේ න්‍යෂ්ටික බලය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමද ඇමෙරිකානු රාජ්‍ය ලේකම්රවයාගේ නැගෙනහිර ආසියා සංචාරයේ ප්රමුඛ අරමුණක් බව කියැවෙයි.