උතුරු ඉන්දියාවේ සිදුවූ දරුණු නායයෑමකට මගී බස් රථ දෙකක් හසුවීමෙන් පුද්ගලයන් 45ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
දින කිහිපයක් පැවති අධික වර්ෂාව හේතුවෙන් ඉදිරි මාර්ගයේ සිදුවූ නායයෑම් හේතුවෙන් මෙම බස් රථ නවතාගෙන සිටි අවස්ථාවේදී ඒ ආසන්නයෙන්ද නායයෑමක් සිදුව බස් රථ ගසාගෙන ගොස් තිබේ.
හිමචාල් ප්රදේශ් ප්රාන්තයේ, මන්දි දිස්ත්රික්කයේ සිදුවූ මෙම නායයෑමෙන් පසුව හමුදාව යොදා සෝදිසි මෙහෙයුම් සිදුකර ඇති අතර, එහිදී, දරුණු ලෙස තුවාල ලැබූ පුද්ගලයන් 5 දෙනෙකුගේ ජීවිත් බේරාගැනීමට හැකි වී තිබේ.
ජූලි සිට සැප්තැම්බර් දක්වා කාලයේ ඉන්දියාවේ මෝසම් වැසි සමයත් සමග නායයෑම් සුලභ කාරණයකි.