සිය ධුර කාලයෙන් අඩක් අවසන් කොට ඇති ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නියෝජනය කරන භාරතීය ජනතා පක්ෂය උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත මැතිවරණයෙන් අති විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකරගෙන තිබේ.
මෙය ඉන්දීය අගමැතිවරයා මෙන්ම, භාරතීය ජනතා පක්ෂයද ඉන්දීය දේශපාලන වේදිකාවේ ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බව විදෙස් වාර්තා පවසා සිටියි.
එහිදී, භාරතීය ජනතා පක්ෂය ඉන්දියාවේ වැඩිම ජනගහනයක් ජීවත් වන ප්‍රාන්තය ලෙස සැලකෙන උතුරුදිග උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේදී වර්ෂ 1980න් පසුව ලැබූ ඉහළම බහුතරය හිමි කරගෙන තිබීම කැපී පෙනෙන බව දේශපාලන විචාරකයෝ පවසති.
මෙවර මැතිවරණයේදී එම ප්‍රාන්තයේ විරුද්ධ දේශපාලන පක්ෂ වන සමාජවාදී පක්ෂයට හා බහුජන සමාජ් පක්ෂයට එරෙහි දේශපාලන වේදිකාවට මෝදි පෞද්ගලිකවම ගොඩවීමද විශේෂත්වයකි.
මේ අතර, දැනට පවතින පූර්ව මැතිවරණ ප්‍රතිඵල නිරීක්ෂණයන්ට අනුව උතුරුදිග උත්තර්ඛාන්ද් ප්‍රාන්තයේද ජයග්‍රහණය භාරතීය ජනතා පක්ෂය වෙත හිමිවනු ඇති බව සඳහන් වෙයි.
"මගේ හදවතින්ම උත්තර් ප්‍රදේශ් ජනතාවට මගේ ස්තූතිය පුද කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා. මෙය භාරතීය ජනතා පක්ෂය ලැබූ ඓතිහාසික ජයග්‍රහණයක්. ඒ වගේම, සංවර්ධනය හා යහ පාලනය සම්බන්ධයෙන්ද ලැබූ ජයග්‍රහණයක්" යැයි මැතිවරණ ජයග්රහණයෙන් පසුව ට්විටර් පිණිවුඩයක් නිකුත් කරමින් මෝදි පවසා සිටියේය.