විදෙස් ජනමාධ්‍යවේදීන්ද සහභාගී වන විශේෂ උත්සව අවස්ථාවක් සමග රටේ සියලු න්‍යෂ්ටික පර්යේෂණ මධ්‍යස්ථාන ඉවත් කිරීම සති දෙකකට වඩා අඩු කාලයකදී අරඹන බව උතුරු කොරියාව පවසයි.
එලැඹෙන මැයි 23 සිට 25 දක්වා කාලය තුළ මෙම කටයුත්ත කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික හැකියාව මේ වනවිට බලමින් සිටින බව ප්යොන්ග්යැන්ග් පාලනය කියයි.
එරට විද්‍යාඥයන් මීට පෙර පවසා සිටියේ එලැඹෙන සැප්තැම්බර් මාසයේදී මෙම මධ්‍යස්ථාන අර්ධ වශයෙන් ඉවත් කරන බවයි.
උතුරු කොරියානු ජනාධිපති කිම් ජොන්ග්-උන් සහ ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවට සති තුනකට පෙර මෙම පියවර ගැනීමට ඔවුන් සූදානම් වෙයි.