උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම්වලට එරෙහිව තවත් සම්බාධක පැනවීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය එකඟත්වයකට පැමිණ තිබේ.
ඒ අනුව, උතුරු කොරියාවෙන් සිදුකෙරෙන අපනයන තහනම් කිරීම සහ එරට තුළ ආයෝජන කටයුතු සීමා කිරීම සඳහා ඒකච්ඡන්දයෙන් යෝජනාවක් සම්මත වී තිබේ.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය නියෝජනය කළ එක්සත් ජාතීන්ගේ ඇමෙරිකානු තානාපතිනී නිකී හැලේ පවසා සිටියේ උතුරු කොරියාවට පනවනු ලැබූ නවතම සම්බාධක ලෝකයේ ඕනෑම රටකට එරෙහිව මෑත ඉතිහාසයේ පනවනු ප්රබලතම ක්‍රියාමාර්ගය බව කියයි.
උතුරු කොරියාව විසින් පසුගිය ජූලි මාසයේදී අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල දෙකක් අත්හදා බැලූ අතර, ඔවුන් පවසා සිටියේ මේ වනවිට තමන් ඇමෙරිකාව වෙතද පහරදීමට තරම් යුද ශක්තියකින් පසුවන බවයි.
මෙම මිසයිල අත්හදා බැලීම දකුණු කොරියාව, ජපානය හා ඇමෙරිකාව විසින් තරයේ හෙළා දැක සිටි අතර, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත උතුරු කොරියාවට එරෙහි යෝජනාවලියක් ගෙන ඒමටද ඔවුහු කටයුතු කළහ.
චීනය වෙත සිදුකරන ගල් අඟුරු, ලෝපස් සහ තවත් අමිශ්‍ර අමුද්‍රව්‍ය අපනයන උතුරු කොරියාව වෙත මුදල් ගලාඒමේ මාර්ග කිහිපයකින් ප්‍රධාන මාර්ගයකි.