උ.කොරියාවට තෙල් සැපයූ හොංකොං නැව අත්අඩංගුවට
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සම්බාධක නොතකමින් උතුරු කොරියාව වෙත ඛනිජ තෙල් සැපයූ බවට චෝදනා ලැබූ හොංකොං ලියාපදිංචියක් සහිත නෞකාවක් සිය භාරයට ගත්බව දකුණු කොරියාව කියයි.
නෞකාවකින් නෞකාවකට තෙල් ප්‍රවාහනයද උතුරු කොරියානු සම්බාධක යටතේ තහනම් ක්‍රියාවක් වුවත්, උතුරු කොරියාව වෙත මේ ආකාරයේ නීතිවිරෝධී තෙල් සැපයුමක් මුහුද මැදදී සිදුකෙරෙන බව පසුගියදා අනාවරණය කරගෙන තිබුණේ ඇමෙරිකානු රහස් ඔත්තු සේවා චන්ද්‍රිකාවක් විසිනි.
මෙසේ අත්අඩංගුවට පත් නෞකාවේ තිබූ ඛනිජතෙල් ටොන් 600ක් උතුරු කොරියානු නෞකාවකට පටවා ඇති බවද මූලික පරීක්ෂණවලින් අනාවරණය කරගෙන තිබේ.
මේ ආකාරයෙන් උතුරු කොරියාවට තෙල් සැපයීම සම්බන්ධව ප්‍රධාන චෝදනාව එල්ල වී ඇත්තේ චීනයටයි. ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද චීනය වෙත එම චෝදනාව කළේය. නමුත්, පසුගියදා එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් චීන විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබුණි.
හොංකොං ලියාපදිංචිය සහිත ලයිට්හවුස් වින්මෝර් නෞකාව පිරිපහදු කළ ඛනිජතෙල් ලබාගැනීම සඳහා පසුගිය ඔක්තෝබර් 11 වැනිදා දකුණු කොරියාවේ යෙඕසු වරායට ඇතුළු වී ඇති අතර, ඉන් දින 4කට පසුව එය තායිවානය බලා ගමන් අරඹන බව පවසමින් පිටත්ව ගොස් තිබේ.
නමුත්, පසුව සිය ගමන් මාර්ගය වෙනස් කරමින් එහි පටවා තිබූ තෙල් තොගය උතුරු කොරියානු නෞකාවකට සහ තවත් යාත්‍රා තුනකට ජාත්‍යන්තර මුහුදේදී පටවා තිබුණේ ඔක්තෝබර් 19 වැනිදාය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


