උතුරු කොරියාව සමඟ ඍජු සාකච්ඡා ලබන සතියේදී ආරම්භ කිරීම සඳහා තමන් සූදානමින් පසුවන බව දකුණු කොරියාව නිවේදනය කර තිබේ.
උතුරු කෙරියානු නායකයා සිය නව අවුරුදු දේශනයේදී පැවසූ මිත්‍රශීලී අදහසට ප්‍රතිචාරයක් ලෙස දකුණු කොරියාව මෙම ප්‍රතිචාරය පළ කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
මේ අතර, කොරියානු රාජ්‍යයන් ඒකාබද්ධ කිරීම භාර දකුණු කොරියානු ඇමතිවරයා පවසා සිටියේ, දෙපාර්ශ්වය අතර පළමු සාකච්ඡා වටය සඳහා මෙම 9 වැනිදා දේශසීමාවේදී මුණ ගැසීමට නියමිතව ඇති බවයි.
ඒ අනුව, පන්මුන්ජොන්ග් දේශසීමා ගම්මානයේදී මෙම සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර, මීට පෙරද මෙම දේශසිමා ගම්මානයේදී දෙරට අතර ඓතිහාසික සාකච්ඡා පැවැත්වී තිබේ.
කෙසේ වෙතත්, උතුරු කොරියානු නායකයා සිය නව අවුරුදු කතාවේදී යම් තර්ජනයක්ද සිදුකරමින් පවසා සිටියේ න්‍යෂ්ටික ප්‍රහාරයක් ක්‍රියාත්මක කළ හැකි ස්විචය තම මේසය මත පවතින බවයි.