පුද්ගලයන් 330 දෙනෙකු සමග ගමන් කරමින් තිබූ ප්රංශ ගුවන් සේවයට අයත් යානයක් අසලින් උතුරු කොරියානු බැලස්ටික් මිසයිලයක් ගමන් කර ඇති බව අනාවරණය වෙයි.
මෙම මිසයිලය සාගරයට පතිත වූ ස්ථානයට විනාඩි 10කට පෙර අදාළ ගුවන් යානය එම ස්ථානය පසුකර ඇති බව බලධාරීහු පවසති.
ප්රංශ ගුවන් සේවය පවසන්නේ මින් සිය යානයට අනතුරක් සිදු නොවූවත්, පෙර සූදානමක් ලෙස යානයේ ගමන් මාර්ගය තරමක් වෙනස් කළ බවයි.
මේ අතර, නිවේදනයක් නිකුත් කරන පෙන්ටගනය පවසන්නේ බැලස්ටික් මිසයිලය කාර්ය බහුල ගුවන් මාර්ගයක ගමන් කර ඇති බවයි. එමෙන්ම, උතුරු කොරියාව නිරන්තරයෙන් සිදුකරන මිසයිල අත්හදා බැලීම් හේතුවෙන් වාණිජ ගුවන් යානා වඩාත් ආරක්ෂාකාරී විය යුතු බවද ඇමෙරිකාව මීට පෙර දන්වා තිබුණි.
බෝයිං 777 වර්ගයේ මෙම යානය උතුරු කොරියානු මිසයිලය අහසේ පවතින අවස්ථාවේදී ජපානයේ හොකයිඩෝ දූපතට බටහිරින් ගමන් කර ඇත. කෙසේ වෙතත්, අදාළ මිසයිලය මෙම යානයට කිලෝමීටර් 100 - 150ත් අතර දුරකට සමීප වී ඇති බවද ජපාන හා ඇමෙරිකානු බලධාරීන් අනුමාන කරයි.