ට්‍රප්ම් සහ කිම් අතර පැවැත්වෙන හමුව පිළිබඳ සාකච්ඡා කිරීමට උතුරු කොරියාවේ වඩාත් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙකු වූ ජෙනරාල් කිම් යොන්ග්-චෝල් ඇමෙරිකා එක්සත් ජනපදය වෙත පැමිණීමට නියමිතය.
දකුණු කොරියාවේ යොන්හැප් පුවත් ඒජන්සිය විසින් මෙම පුවත තහවුරු කළ අතර, ඔවුන් කියා සිටියේ චෝල් හෙට බීජිං හරහා ඇමෙරිකාව බලා පැමිණෙනු ඇති බවයි.
2000 වර්ෂයේ සිට වසර 18කට පසුව ඇමෙරිකාවේ සංචාරය කරන උතුරු කොරියාවේ වඩාත් ජ්‍යෙෂ්ඨතම රාජ්‍ය නිලධාරියා ලෙස ඔහු ඉතිහාසගත වනු ඇත.
ඇමෙරිකානු නායක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් අතර හමුව එලැඹෙන ජුනි 12 වැනිදා සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිතව තිබේ.
දකුණු කොරියාවේ පැවති සීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල වෙතද පැමිණි චෝල් එහිදී, ඇමෙරිකානු ජනපති දියණිය ඉවන්කා ට්‍රම්ප්ද හමුවිය.
මෙය කොරියානු අර්ධද්වීපයේ මෙන්ම ලෝක සාමය කෙරෙහිද අතිශය වැදගත් වන හමුවක් බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.