ඊශ්රායලය සතු වඩාත් නවීතනම ප්රති-මිසයිලයක් යොදාගෙන ප්රථම වරට සිරියානු බැලස්ටික් මිසයිලයක් බිම හෙලූ බව ඊශ්රායලය පවසයි.
භූමියේ සිට ගුවනට විදින මිසයිල හෙවත් සෑම් මිසයිලයක් යොදාගන්නා මෙකී ප්රති-මිසයිල නාශක පද්ධතිය යොදාගෙන දිගුදුර විහිදුම් බැලස්ටික් මිසයිලයක් වුවද නවතාලීමේ හැකියාවක් පවතින බව කියයි.
එහිදී, සිරියානු මිසයිල මේ ආකාරයෙන් තම කලාපයට ඉහළින් ගමන් කිරීම කලාතුරකින් සිදුවන බවද ඊශ්රායලය වැඩිදුරටත් පවසයි.