ඊශ්‍රායල් හා පලස්තීන ගැටුමට තිරසාර විසඳුමක් බලාපොරොත්තුවෙන් ඊජිප්තුවේ මැදිහත්වීමෙන් දෙපාර්ශ්වය අතර වක්‍ර කතාබහක් ඇතිවී තිබෙන බව ඊජිප්තු මාධ්‍ය වාර්තා කරයි.
ඊශ්‍රායලය හා පලස්තීනය හමාස් සටන්කාමීන් අතර, දින 3ක සටන් විරාමයකට එකඟත්වය පළ කිරීමෙන් පසු මෙම අලුත් සාකච්ඡාව ආරම්භ වී තිබේ.
ගාසා හි බී.බී.සී. වාර්තාකරු පෙන්වා දෙන්නේ මේ දක්වා පැවති සටන්වරාමය හේතුවෙන් ගාසා හි සාමාන්‍ය ජනජීවිතයක් මාසයකට පසු අත් විඳින බවයි.
කෙසේ වෙතත් පසුගිය ජූලි 8 වැනිදා ආරම්භ වූ ගටුම් හේතුවෙන් මේ වනවිට අහිමි වී ඇති ජීවිත 2,000කට ආසන්න බව කියැවෙයි.
ඒ අතර, 1,900කට වැඩි පලස්තීනුවන් පිරිසක් හා ඊශ්‍රායල් සොල්දාදුවන් 64 දෙනෙකුද සිටින බව කියැවෙයි.