ගාසා තීරය වෙත ඊශ්රායලය විසින් එල්ල කරනු ලබන ගුවන් ප්රහාර හේතුවෙන් මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති පිරිස 100 ඉක්මවා යන බව පලස්තීන ආරංචි මාර්ග පෙන්වා දෙයි.
එහි අලුත්ම ප්රහාරය අද දිනයේදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු ඉලක්ක කර එල්ල වූ ප්රහාරයක් බව කියැවෙයි.
පසුගිය අඟහරුවාදා දිනයේදී ඊශ්රායලය විසින් ඇරඹි සිය මෙහෙයුමත් සමග මේ වනවිට දැවැන්ත ගුවන් ප්රහාර මාලාවක් ඔවුන් විසින් එල්ල කර ඇති අතර, එය පලස්තීන හමාස් සටන්කාමීන්ගේ අඛණ්ඩ ෂෙල් ප්රහාරයන්ට ප්රතිචාර දැක්වීමක් බව ඔවුන් කියයි.
කෙසේ වෙතත් මෙම අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ඇමෙරිකාවද මැදියත් වීමට උත්සාහ කලද තත්ත්වය තවදුරටත් ඔඩුදුවමින් ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.