ජර්මනියේ මියුනිච් නගරයේ පැවති ආරක්ෂක සමුළුවක් අමතමින් ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් ඉරානය වෙත දැඩි විවේචනයක් එල්ල කර තිබේ.
ඔහු පවසන්නේ ඉරානය යනු සමස්ත ලෝකයටම බරපතළ අවදානම් ගෙනදෙන රාජ්‍යයක් බවයි.
ත්රස්තවාදයේ තොණ්ඩුව තම ගෙල මත පැළඳවීමට ඉරානයට කිසිම අවස්ථාවක ඉඩක් ලබා නොදෙන බවද අගමැතිවරයා මෙහිදී අවධාරණය කර තිබේ.
2015 දී ඔබාමා රජයේ මැදිහත්වීමෙන් ඇති කළ ඉරාන න්‍යෂ්ටික ගිවිසුම දෝෂදර්ශනයට ලක්කළ නෙතන්යාහු, එය භයානක ඉරාන ව්‍යාඝ්‍රයන් ලිහා දැමීමක් ලෙස හඳුන්වා තිබේ.