ගෙවීගිය පැය 24ක කාලය තුළ ඊජිප්තුවේ රැඳී සිටි රුසියානු සංචාරකයන් 11,000ක් නැවත සිය රට ගෙන්වා ගැනීමට හැකිවූ බව රුසියාව පවසයි.
තවත් පිරිසක් අද (08දා) යළි දිවයිනට පැමිණීමට නියමිත බවද රුසියාව පෙන්වා දෙයි.
මොස්කව් බලධාරීන් පසුගිය සිකුරාදා නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ තමන් ඊජිප්තුව වෙත සියලු ගුවන් ගමන් නවතා තැබූ බවයි.
ඊජිප්තුවේ සිට පැමිණි රුසියානු මගී ගුවන් යානයක් පුද්ගලයන් 224 දෙනෙකු සමග අනතුරට පත්වීමත්, එම අනතුරට හේතුව යානයේ වූ බෝම්බයක් පිපිරී යාමක් යන අනාවරණයන් සමග රුසියාව මෙසේ සිය ගුවන් ගමන් අත්හිටුවනු ලැබිණි.
කෙසේ වෙතත්, මෙම යානා අනතුර පිළිබඳ මෙතෙක් අවසන් නිගමනයකට පැමිණ නැතත්, යානය උඩු ගුවනේදී පිපිරී ගිය බවට කළු පෙට්ටියේ තොරතුරු අනාවරණය කර තිබුණි.