දේවාපහාස නීති ප්‍රතිසංස්කරණයට කටයුතු කළ දේශපාලඥයෙකු ඝාතනය කිරීමේ චෝදනා මත මෑතකදී මරණ දඬුවමට යටත් වූ මුම්ටාස් ඛද්රීට සහාය දක්වා ඉස්ලාමාබාද් නුවර රැස්ව සිටින ඉස්ලාම් අන්තවාදීන්ට පොලීසියෙන් අනතුරු ඇඟවීමක් ලැබී තිබේ.
පොලිස් නිලධාරියෙකු කටයුතු කරමින් සිටියදී ඛද්රි විසින් මෙම දේශපාලඥයා ඝාතනය කර ඇති අතර, ඔහුට එරරෙහිව නීතිය ක්‍රියාත්මක වීමත් සමග එරට අන්තවාදී මුස්ලිම් ක්රියාකාරිකයන් ප්රකෝපවී ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඒ අනුව, 1,000ක පමණ අන්තවාදීන් පිරිසක් ඉස්ලාමාබාද් නුවර කඳවුරු බැඳ උද්ඝෝෂණයේ යෙදෙන බවත්, ඔවුන්ට ඉන් ඉවත් වන ලෙස දන්වා ඇති අතර, එසේ ඉවත් නොවුණහොත් ඔවුන් ඉවත් කිරීමට ආරක්ෂක අංශ සූදානමින් සිටින බවත් විදෙස් වාර්තා පවසයි.
පසුගිය ඉරිදා දිනයේ සිට මෙම අන්තවාදී උද්ඝෝෂකයන්ගේ ග්‍රහණයට නතුව ඇති අධි ආරක්ෂිත කලාපයෙන් ඔවුන් හැකි ඉක්මණින් ඉවත් කරන බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයාද අවධාරණය කර තිබේ.
මෙහිදී, ප්රචණ්ඩත්වය අවශ්‍ය නොවුණත්, තවදුරටත් මේ තත්ත්වය ඉවසිය නොහැකි බවද අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසා තිබේ.