තමන් ඉස්ලාම් ආගම වැළඳ නොගන්නේ නම් හෝ ආරක්ෂාව ලබාගැනීමේ බදු නොගෙවන්නේ නම් මරණය උරුම වන බවට ISIS ඉස්ලාමීය අන්තවාදී ත්රස්තයන් විසින් මොසුල් නගරයේ ජීවත් වන කිතුණුවන්ට අනතුරු ඇඟවීමෙන් පසු ඔවුන් නගරය අතහැර පළා යමින් සිටින බව බී.බී.සී.ය පවසයි.
ISIS ඉස්ලාමීය අන්තවාදී ත්රස්තයන් මොසුල් හි මුස්ලිම් පල්ලියේදී මෙම නිවේදනය සිදුකර ඇති අතර, ඔවුන් මේ යෝජනාවන්ට එකඟ නොවන්නේ නම් ඉදිරි දින දෙකේදී ඔවුන්ට අනිවාර්යයෙන්ම මරණය උරුම වන බවට අනතුරු අඟවා තිබේ.
මේ වනවිට සිරියාවේ විශාලකොටසක් හා ඉරාකයේ උතුරුදිග ප්රදේශවල බලය තහවුරු කරගෙන සිටින ISIS ඉස්ලාමීය අන්තවාදී ත්රස්තයන් පසුගිය මාසයේදී පවසා සිටියේ තමන් මේ කලාපය තුළ ඉස්ලාමීය රාජ්ය බිහිකළ බවය.
ඒ අනුව, මේ වනවිට ඔවුන් යටතේ පවතින ප්රදේශවල සෙසු ආගමිකයන් සිය ජීවිත ආසාවෙන් වෙනත් ප්රදේශ කරා ඇදෙමින් පවතින අතර, ඉතිහාසයේ ප්රථම වරට මොසුල් නගරය කුතුණුවන්ගෙන් තොර වන බවද බී.බී.සී.ය පවසයි.