ඉස්ලාම් රාජ්‍යයට පුද්ගලයන් බඳවාගත්තෙකු බංග්ලාදේශයෙන් අල්ලයි - මියන්මාරයටත් ඉව අල්ලලා
- 29 09 2014
- 23:01
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජිත්
ඉස්ලාම් රාජ්‍යයක් ගොඩනැගීම උදෙසා පුද්ගලයන් බඳවා ගැනීමේ යෙදුණු බංග්ලාදේශ ජාතික බ්‍රිතාන්‍ය පුරවසියෙකු අත්අඩංගුවට ගත් බව බංග්ලාදේශ පොලිසිය පවසයි.
නම සඳහන් නොකළ බංග්ලාදේශ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු බී.බී.සී.යට පවසා ඇත්තේ සමියුන් රහ්මාන් නමැති අත්අඩංගුවට පත් පුද්ගලයා මින් පෙර සිරියාවේ ජීවත්ව ඇති අයෙකු බවයි.
මෙසේ අත්අඩංගුවට පත් පුද්ගලයා අල්-කයිඩා සංවිධානයට සම්බන්ධ අල්-නුස්රා අන්තවාදී කණ්ඩායම්වලට පුද්ගලයන් බඳවා ගැනීමේ යෙදී සිටි අයෙකු බව මේ වනවිට හඳුනාගෙන ඇති බව එම පොලිස් නිලධාරියා වැඩිදුරටත් පවසා තිබේ.
බංග්ලාදේශ පොලිසිය පවසන්නේ මෙම පුද්ගලයා මෙසේ මියන්මාරය තුළ සිටින මුස්ලිම් ජාතිකයන් අතරින්ද ඉස්ලාම් රාජ්‍යය වෙනුවෙන් පුද්ගලයන් බඳවා ගැනීමට සැලසුම් කර ඇති බව අනාවරණය වී ඇති බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

