ඉස්ලාම් අන්තවාදීන් විසින් අයිවරිකෝස්ට් හි මුහුදු වෙරළකදී පුද්ගලයන් 19 දෙනෙකු ඝාතනය කිරීම තම රටේ ජනතාව බියගැන්විය හැකි ක්‍රියාවක් නොවන බව පවසමින් එරට සංගීතවේදීන් එකතුව විශේෂ ගීතයක් නිර්මාණය කර තිබේ.
අල්-කයිඩා ත්‍රස්ත සංවිධානය හා සම්බන්ධ ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායමක් විසින් මෙම මස මුලදී මෙම ප්‍රහාරය සිදුකරමින් එහි වගකීම භාරගෙන තිබුණි.
"Meme Pas Peur" ලෙස හැඳින්වෙන මෙම ගීතයෙන් 'බිඳුවක්වත් බිය නෑ...' යන අදහස කියැවෙන අතර, එම ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ ග්‍රෑන්ඩ් බසාම් මුහුදු වෙරළෙහි සිට මෙම ගීතය සඳහා වූ රූප රචනයද ඔවුන් නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.
ප්‍රංශ භාෂාවෙන් ගැයෙන ගීතයේ, 'ඔබ හේතුවක් නොමැතිව අහිංසකයන් මරා දමනවා...', 'ඔබ ස්වර්ගයේ නම් යන්නේ නෑ...' ආදී වශයෙන් වූ වදන් දැකිය හැකිය.
'අයිවරිකෝස්ට් අපි, අපේ දෙපයින් නැගී සිටිනවා...'
'ඔබ මුහුදු වෙරළවල්වල මොනවද කරන්නෙ... ඔබ මරා දමන්නෙ අහිංසක මිනිස්සු...'
'දෙවියන්ගෙ නාමයෙන් කියන්නෙ, ඔබ ස්වර්ගයට නම් යන්නෙ නෑ...'
'ඉස්ලාම් දහම කියන්නෙ ආදරය පතුරුවන දහමක්..., නමුත් ඔබ හේතුවක් නොමැතිව අහිංසකයන් මරා දමනවා...'
මෙහි නිෂ්පාදක චිකෝ ලාකොස්ටේ බී.බී.සී. පුවත් සේවයට පවසා ඇත්තේ, අයිවරිකෝස්ට් රාජ්‍යය ඉස්ලාම් අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයකට ලක්වීම සැබෑවක් වුවත්, ඉන් තමන් බිම නොවැටුණු බව සමස්ත ලෝකයටම පැවසීමට මෙම ගීතය නිර්මාණය කළ බවයි.
https://www.youtube.com/watch?v=b9OcCdB5_NM