ඉරානය වෙත ඇමෙරිකාව ප්රමුඛ බටහිර රාජ්‍යයන් විසින් පනවා තිබූ සියලු ආර්ථික සම්බාධකවලින් එරට නිදහස් කිරීමට එකී රාජ්‍යයන් පියවර ගෙන තිබේ.
ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ මූලික කරගනිමින් මෙම සම්බාධක පනවා තිබූ අතර, එම වැඩපිළිවෙළ බලශක්ති වැඩසටහනක් නොව, අවි ආයුද නිෂ්පාදන වැඩසටහනක් ලෙස එවකට බටහිරින් ඉරානය වෙත චෝදනා නැගුණි.
කෙසේ වෙතත්, පසුගියදා ඔස්ට්‍රියාවේ වියානා නුවරදී පැවති සමුළුවකදී මෙම සම්බාධක ඉවත් කිරීම පිළිබඳව ප්‍රකාශය පත් කෙරිණි.
මෙය නව පරිච්ඡේදයක ඇරඹුම බව ඉරාන ජනාධිපති හස්සන් රොයුහානි පවසා සිටියේය.