ඉරාන මුහුදු සීමාවට ඇතුළුවීම හේතුවෙන් ඉරානය විසින් අත්අඩංගුවට ගෙන සිටි ඇමෙරිකානු නාවිකයන් 10 දෙනෙකු නිදහස් කිරීමට එරට කටයුතු කර තිබේ.
ගල්ෆ් මුහුදේ පැවති යුද අභ්‍යාසයකදී සිය යාත්‍රාවක සිදුවූ කාර්මික දෝෂයක් හේතුවෙන් ඔවුන් මෙසේ ඉරාන ආරක්ෂක අංශ වෙත හමුවී තිබුණි.
ඇමෙරිකානු නාවික හමුදාව සමාව ගැනීමෙන් පසුව ජාත්‍යන්තර මුහුදේදී ඔවුන් නිදහස් කළ බව නිවේදනයක් නිකුත් කරමින් ඉරානය පවසා සිටියේය.
ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඇමෙරිකාව හා ඉරානය ගිවිසුමකට පැමිණීම සඳහා සූදානම් වෙමින් සිටින පරිසරයක මෙම සිදුවීම සිදුවිය.