ඉරානය පුරා උද්ඝෝෂණ - ඉහළ ජීවන තත්ත්වයක් ඉල්ලයි
ඉරානයේ වත්මන් පාලනයට එරෙහිව ජනතාව මීට දින තුනකට පෙර ඇරඹූ විරෝධතා ව්‍යාපාරය මේ වනවිට ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඉරානය තුළ ජීවන තත්ත්වය පහළ වැටීම මූලි කර ගනිමින් මෙම විරෝධතා ව්‍යාපාරය ආරම්භ වී ඇත්තේ වර්ෂ 2009 දී සිදුවූ ප්රතිසංස්කරණවාදී විරෝධතා ව්‍යාපාරයට පසුවය.
මේ අතර, නීතිවිරෝධී එක්රැස්වීම් සිදුව ඇති බවට එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සිදුකර ඇති නිවේදනය තුට්ටුවකට මායිම් නොකළ විරෝධතාකරුවන් පොලිස් වාහන ගිනිපත් කරමින්, රජයේ ගොඩනැගිලිවලට පහර දෙමින් ප්රකෝපකාරී ලෙස හැසිරී තිබේ.
මේ අතර, සමාජජාල මාධ්‍ය වාර්තා කර තිබුණේ විරෝධතාකරුවන් දෙදෙනෙකු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
ඉරානයේ මෂ්හාද් නගරයේදී පසුගිය බ්‍රහස්පතින්දා විරෝධතාවක් ආරම්භ වී තිබුණේ ජීවන තත්ත්වය පහළ වැටීම සහ වැඩිවන ජීවන වියදමට එරෙහිව යමිනි. කෙසේ වෙතත්, සිකුරාදා දිනය වනවිට මෙම විරෝධතා එරට ප්‍රධාන නගර කිහිපයකට වේගයෙන් පැතිර ගොස් තිබුණි.
මෙම ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණ විදේශ ඒජන්තවරුන්ගේ හෙංචයියන් විසින් ඇති කරනලද මවා පෑමක් බවට ඉරාන රජය චෝදනා කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.




