සෞදිය ප්රමුඛ ඒකාබද්ධ සන්ධානයේ ප්‍රහාර යානා විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් යේමනයේ සානා අගනුවර පිහිටි ඉරාන තානාපති කාර්යාලයට හානි සිදුවී ඇති බවට එරට චෝදනා කරයි.
මෙම ප්‍රහාරයෙන් තානාපති කාර්යාලයේ සේවකයන් තුවාල ලබා ඇති බවද ඉරාන මාධ්‍ය පවසයි.
එහිදී, සෞදි ප්‍රහාරක යානා හිතාමතාම මෙම ප්‍රහාරය දියත් කර ඇති බද ඉරාන මාධ්‍ය වැඩිදුරටත් පවසයි.
කෙසේ වෙතත්, මෙම ප්‍රහාරය තානාපති කාර්යාලය ආසන්නට එල්ල වී ඇති බවටද පසුව තොරතුරු වාර්තා විය.
එමෙන්ම, ඇසින් දුටු සාක්ෂා කාර්යන්ට අනුව තානාපති කාර්යාලයට ප්‍රහාරයෙන් හානියක් සිදුව නොමැති බවටද විදෙස් වාර්තා පවසයි.
සුන්නි පාලනයක් සහිත සේදිය විසින් ඉරානයේ ෂියා පූජකයෙකු වූ නිමර් අල්-නිමර් ඝාතනය කිරීමත් සමග දෙරට අතර මතභේදකාරී තත්ත්වයක් උද්ගත වී තිබේ.