යුරෝපා සංචාරයක නිරත ඉරාන ජනපති හස්සන් රොයුහානි ඉතාලි, රෝම කෞතුකාගාරයට පැමිණි විට එහි වූ නග්න ප්රතිමා ලෑල් පෙට්ටි ගසා ආවරණය කර තැබීමට ඉතාලි බලධාරීන් කටයුතු කර තිබේ.
රෝම නගරයේ, කැපිටෝලීන් කෞතුකාගාරයේදී ඉරාන ජනපති රොයුහානි හා ඉතාලි අගමැති මෙට්ටිඕ රෙන්සි සාකච්ඡා කළ අතර, දෙරට අතර ව්යාපාරික ගනුදෙනු කිහිපයකටද අත්සන් තැබීය.
එහිදී, කෞතුකාගාරය අලංකාර කළ නග්න ප්රතිමා රැසක් ඉරාන දූත පිරිසට නොපෙනෙන ලෙස මෙසේ වසා තැබීමට ඉතාලි බලධාරීන් කටයුතු කර තිබේ.
එමෙන්ම, දෙරටේ නායකයන් අතර පැවති භෝජන සංග්රහයේදී වයින් පිළිගන්වා නොමැති බවද විදෙස් වාර්තා පවසයි.
ඉරාන ජනාධිපතිවරයා මේ වනවිට ප්රංශ සංචාරයක නිරතව සිටියි.