යුරෝපා සම්බාධක ඉවත් කිරීමෙන් පසුව ඉරාන ජනාධිපති හස්සන් රොයුහානි සිය ප්‍රථම නිල යුරෝපා සංචාරය ආරම්භ කරමින් ඉතාලිය වෙත පැමිණියේය.
ඉතාලියේදී ඇ.ඩො.බිලියන ගණනක් වටිනා ගිවිසුම් රැසකට එක්වීමට ඉරානය සූදානමින් සිටින බව විදෙස් වාර්තා පවසයි.
බටහිර රාජ්‍යයන් සමග සමගිව ඉරානය යළි ගොඩනැගීමේ මූලික පියවර මේ අනුව ඉරාන ජනාධිපතිවරයා ගෙන ඇති බව පෙනෙන්නට තිබේ.
ඉරාන ජනාධිපතිවරයා සමග ඉහළ පෙළේ අමාත්‍යවරු හා ව්‍යාපාරික ප්රජාවකින් යුතු 120 දෙනෙකුගෙන් පමණ සමන්විත දූත පිරිසක්ද මෙම යුරෝපා සංචාරයට එක්ව සිටී.