ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවූ පිපිරීමකින් පසුව පතල්කරුවන් 50කට වැඩි පිරිසක් එහි සිරවී සිටින බව විදෙස් වාර්තා පවසයි.
ඉරානයේ, උතුරුදිග ගෝල්ස්ටන් පළාතේ සෙමෙස්ටාන්-යූර්ට් ගල් අඟුරු පතලේ මෙම පිපිරීම සිදුව තිබේ.
කෙසේ වෙතත්, මෙම පිපිරීමෙන් මේ වනවිට පුද්ගල ජීවිත දෙකක් අහිමි වී ඇති අතර, තවත් 25 දෙනෙකු තුවාල ලබා ඇති බව පැවසෙයි.
එක් හදිසි සහන සේවා නිලධාරියෙකු පවසා සිටියේ මෙයින් පුද්ගලයන් 16 දෙනෙකු පමණ නිරුපද්‍රිතව බේරාගැනීමට හැකිවී ඇති බවයි.
.jpg)