ඉරාකයේ සිටින IS ඉස්ලාම් රාජ්ය ත්රස්තයන්ගේ අවසන් බලකොටුව ලෙස සැලකෙන ටාල් අෆාර් යළි අත්පත් කරගැනීමේ ගොඩබිම් සටන ආරම්භ වූ බව එරට බලධාරීහු පවසති.
ඉරාක අගමැති හයිදර් අල්-අබේදි රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් මෙහෙයුම් ආරම්භ වීම සැලකර සිටි අතර, ජිහාඩ් ත්රස්තයන්ට තෝරාගැනීම් දෙකක් ඇති බවද සඳහන් කළේය. ඒ යටත්වීම හෝ මරණයයි.
IS ත්රස්තයන්ගේ ප්රබල බල කඳවුර වූ මොසුල් හි බලය අත්පත් කරගැනීමෙන් අනතුරුව, ටාල් අෆාර් යළි අත්පත් කරගැනීමේ මෙහෙයුම් ආරම්භ වී තිබේ. මෙහි බලය ඉරාක හමුදාවන්ට අහිමි වූයේ 2014 වසරේදීය.
මොසුල් නගරය හා සිරියානු දේශසීමා යා කරන ප්රධාන මාර්ගයක් ටාල් අෆාර් නගරය හරහා වැටී තිබීම නිසා, මෙය ජිහාඩ් ත්රස්තයන් සැපයුම් මාර්ගයක් ලෙසද භාවිත කර තිබේ.