ඉරාකයේදී වසරක් තුළ ගැටුම් හේතුවෙන් වාර්තා වූ වැඩිම සිවිල් වැසියන්ගේ මරණ සංඛ්‍යාව 2013 වසරේදී වාර්තා වී තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ මෙම වසර තුළදී පමණක් සාමාන්‍ය වැසියන් 7818 ක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. ආරක්ෂක සාමාජිකයන්ද සමග 2013 වසරේදී ඉරාකයේදී අහිමි වූ ජීවිත සංඛ්‍යාව 8868 කි.
දෙසැම්බර් මාසයේදී පමණක් ඉරාකය තුළදී පුද්ගලයන් 759 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. ඉරාකය තුළ සිදුවන මනුෂ්‍ය ඝාතන සඳහා අල්කයිඩා සංවිධානය සෘජුව සම්බන්ධ බවත්, ඔවුන් බොහෝ වශයෙන් ෂියා මුස්ලිම්වරු ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරන බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙයි.
අල්ජසීරා ඇසුරෙනි