කුර්දි දේශපාලඥයෙකු වන ෆවුඩ් මසොවුම් ඉරාකයේ නව ජනාධිපතිවරයා ලෙස එරට අගමැති විසින් පත්කරන ලදී.
76 වැනි වියෙහි පසුවන මසොවුම් ජනාධිපතිවරයා ලෙස පත්වන්නේ හිටපු ජනාධිපති ජලාල් තලාබානිගෙන් පසුවය.
2003 වසරේ සිට ඉරාක ජනාධිපතිවරයා සෑම විටම කුර්දි ජාතිකයෙකු වූ අතර, අගමැතිවරයා ෂියා මුස්ලිම්වරයෙකු විය. එමෙන්ම, පාර්ලිමේන්තු කතානායකවරයා සුන්නි ආරාබි ජාතිකයන් අතරින් පැමිණ තිබුණි.
නව සන්ධාන රජයක් වෙනුවෙන් එකඟතාවකට පත්වීමට අපොහොසත් වීම නිසා ඉරාකය මේ වනවිට ISIS ඉස්ලාමීය අන්තවාදීන්ගේ දැවැන්ත ප්රහාරයකට ලක්වෙමින් තිබේ.