ඉරාකයේ දෙවැනි විශාලතම නගරය වන මෝසුල් ඉස්ලාමීය සටන්කාමීන් අත්පත් කරගැනීමත් සමග එහි වෙසන 500,000ක පමණ ජනතාව නගරයෙන් ඉවත් වෙමින් සිටින බව වාර්තා වෙයි.
මෙසේ නගරයෙන් ඉවත්ව යන පිරිස් අතර ඉරාක හමුදාවන්ද සිටින බවත්, ඔවුන් සියලු දෙනා ඊට යාබද නියින්වේ ප්‍රාන්තය වෙත පළා යන බව කියැවෙයි.
ඉරාක අගමැති නූරි මලීකී එරට පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියේ රට තුළ හදිසි තත්ත්වයක් ඇතිකර මේ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට තමන්ට බලය පවරන ලෙසය.
ඉරාකය සහ නැගෙනහිර මධ්‍ය ධරණී ප්‍රදේශය වෙත වූ ඉස්ලාමීය රාජ්‍යයක් වෙනුවෙන් ක්‍රියාකරන මෙම සටන්කාමීන්ගේ ක්‍රියාකලාපය සමස්ත කලාපයටම තර්ජනයක් බව මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමෙරිකාව කියා සිටියේය.
ඔවුන් අල් කයිඩා සංවිධානයේම කොටසක් වන අතර, මේ වනවිට නැගෙනහිර සිරියාව, බටහිර හා මධ්‍යම ඉරාකය යන කලාපවලින් වැඩි ප්‍රදේශයක් තම අණසකට යටත් කරගෙන සිටී.