ඉරාකයේ IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් තවදුරටත් රැඳී සිටින ටල්-අෆර් ප්‍රදේශය යළි මුදාගැනීමේ ගොඩබිම් මෙහෙයුම් ඇරඹීමේ සූදානමක් ලෙස එම ප්‍රදේශය වෙත ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීමට ඉරාක ගුවන් හමුදාව කටයුතු කර තිබේ.
උතුරුදිග ඉරාකයේ සිටින ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ගේ බල කඳවුරක් බවට ටල්-අෆර් පත්වන්නේ පසුගිය ජූලි මාසයේදීය.
එම නගරයට කිලෝමීටර් 55ක් පමණ නැගෙනහිරින් පිහිටි මොසුල් නගරය ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ගෙන් ගිලිහී යාමත් සමග ටල්-අෆර් ඔවුන්ගේ බල කඳවුර බවට පත්විය.
කෙසේ වෙතත්, මෙම නගරය යළි අත්පත් කරගැනීමේ ගොඩබිම් ප්‍රහාර ආරම්භ වීමේ දිනයක් නිල වශයෙන් ඉරාකය ඉදිරපත් කර නොතිබුණත්, විශේෂ බලකා සෙබලු ඇතුළු හමුදා නගරය දෙසට ඇදෙමින් පවතින බව විදෙස් වාර්තා පවසයි.
මේ අතර, එම ප්‍රදේශයේ සිටින සාමාන්‍ය වැසියන් ලක්ෂ ගණනින් ප්‍රදේශය අත්හැර පළා යන බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
ටල් අෆර් යනු ෂියා මුස්ලිම්වරුන් බහුතරයක් විසූ නගරයක් වන අතර, 2014 ජූනි මාසයේදී එය ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ගෙන් සැදුම්ලත් සුන්නි මුස්ලිම්වරුන් අතට පත්වීමට පෙර එහි ලක්ෂ 2ක පමණ ෂියා මුස්ලිම්වරු පිරිසක් ජීවිත් වූහ.
මොසුල් නගරය හා සිරියානු දේශසීමාව අතර ප්‍රධාන මාර්ගයක්ද මෙම නගරය අතරින් වැටී තිබෙන නිසා, වරක් මෙය ජිහාඩ් සටන්කාමීන් වෙත ප්‍රධාන සැපයුම් මාර්ගයක් ලෙසද පැවතුණි.
ඉරාකය හා ඇමෙරිකාව ප්රමුඛ ඒකාබද්ධ සන්ධානය විසින් ඉරාකයෙන් ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය අතුගා දැමීමේ අරමුණින් ආරම්භ කරනලද ප්‍රහාර මාලාව මේ වනවිට සාර්ථකව ඉදිරියට ගමන් කර ඇති අතර, එම ත්‍රස්ත සංවිධානයේ බලය හා ඔවුන් අල්ලාගත් ප්‍රදේශ රැසක් මේ වනවිට ජිහාඩ් සටන්කාමීන්ට අහිමි වී තිබේ.