ඉරාකයේ වත්මන් ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් ඉරානය සමග සෘජු සාකච්ඡා පැවැත්වීමට ඇමෙරිකාව සූදානම් බව ඇමෙරිකානු බලධාරීහු පවසති.
ඉරාකයේ සුන්නි සටන්කාමීන්ගේ ආක්රමණය සම්බන්ධයෙන් ගත යුතු ක්රියාමාර්ග ගැන ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා බර තැබීමක් කරන අවස්ථාවේදී මෙම තීරණයට එළැඹ ඇති බව කියැවෙයි.
එමෙන්ම, සුන්නි සටන්කාමීන් විසින් සමූල ඝාතනය කරනු ලබන ඉරාක හමුදා සාමාජිකයන්ගේ ඡායාරූප පෙළ ඇමෙරිකාව විසින් දැඩි ලෙස හෙළා දැක තිබේ.
එහි දැක්වෙන්නේ සමූහ වශයෙන් රැගෙන යන හමුදා සාමාජිකයන් එක පෙළට තබා වෙඩි තබා ඝාතනය කරන දසුන් පෙළකි.
මෙම ඡායාරූප සැබෑ සිදුවීමක් නිරූපණය කරන ඡායාරූප බව ඉරාක ආරක්ෂක අංශ විසින් තහවුරු කරගෙන ඇතත්, ඒවා කවරයෙකු විසින් අන්තර්ජාලයට මුසු කළේද යන්න තවමත් පැහැදිලි නැත.