IS ඉස්ලාමීය රාජ්ය අන්තවාදීන් සමග සටනට පිවිසි ඉරාක හමුදාව සටනට මුහුණදීමේ පසුබැස්මක් පෙන්වන බව ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ඇෂ්ටන් කාර්ටර් පවසයි.
ඉරාකය හමුදාව ප්රමාණවත් තරම් සිටියත් බොහෝ ස්ථානවලදී ඔවුන් සටන අත්හැර ගොස් ඇති බවද හෙතෙම පවසයි.
මේ තත්ත්වය තුළ ඉරාකය රජය විසින් ඉස්ලාමීය රාජ්ය අන්තවාදීන්ගේ ගමන අඩාල කිරීම සඳහා ෂියා සටන්කාමීන් යොදාගෙන තිබේ.