ඉරාක කුර්දි සටන්කාමීන් පිරිසක් කොබානේ නගරය වෙත ඇතුළු වීමට සමත්ව ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.
මේ අතර, තවත් විශාල සටන්කාමීන් පිරිසක් ඔවුන් සමග එක්ව ISIS ඉස්ලාමීය අන්තවාදීන්ට එරෙහිව ප්රහාර එල්ල කිරීමට සැලසුම් කරන බවද වාර්තා වෙයි.
පසුගිය සතියේදී ප්රථම වරට තුර්කි දේශසීමාව පසුකරමින් සිරියාවේ කොබානේ නගරය වෙත ඇතුළු වීමට ඉරාක කුර්දි සටන්කාමීන් විසින් අවස්ථාව සලසා දෙන ලදී.
මේ අතර ඇමෙරිකාව ප්රමුඛ ඒකාබද්ධ සටන්කාමීන් විසින් පසුගිය බදාදා දිනයේ සිට කොබානේ වෙත ගුවන් ප්රහාර 10ක් එල්ල කර ඇති බවද වාර්තා වෙයි.
එමෙන්ම, තවත් ඇමෙරිකානු ගුවන් ප්රහාර දෙකකින් ඩෙයර් එස්-සෝර් හා රක්කා නගරය ආශ්රිත ISIS සුන්නි ඉස්ලාමීය අන්තවාදීන්ට අයත් මූලස්ථාන දෙකක් විනාශ කර ඇති බවද පැවසෙයි.