බටහිර අප්‍රිකාවේ පැතිර යන ඉබෝලා වෛරසය හේතුවෙන් වසංගතය දරුණුවට පවතින රටවල් තුනක පාසල් පද්ධතිය සම්පූර්ණයෙන් වසා දැමීම තුළ මිලියන 5ක පමණ දරු පිරිසකගේ අධ්‍යාපනය කඩාප්පල් වී ඇති බවත්, මෙම පාසල් කඩිනමින් නැවත විවෘත කිරීමට කටයුතු කළ යුතු බවත් විවිධ රාජ්‍ය නොවන සංවිධාන පවසයි.
ගිනියා, ලයිබීරියා සහ සියෙරා ලියෝන් යන රාජ්‍යයන් තුළ ඉබෝලා වසංගතය හේතුවෙන් ප්‍රථම බලපෑමට ලක්ව ඇත්තේ අධ්‍යාපනය බවත් එම සංවිධාන අවධාරණය කරයි.
වෛරසය පාලනය කළ පළාත්වල පාසල්වත් යළි විවෘත කිරීමට කටයුතු නොකළහොත් වෛරසයෙන් සිදුකළ හානියට වඩා හානියක් සමාජමය වශයෙන් සිදුවන බවද ඔවුන් පෙන්වා දෙයි.
පසුගිය මාර්තු මාසයේදී ඉබෝලා පිළිබඳ වාර්තා වීමත් සමග එය සෞඛ්‍ය පිළිබඳ හදිසි තත්ත්වයක් පැනවීය.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ඉබෝලා හේතුවෙන් මේ වනවිට පුද්ගල ජීවිත 6,055ක් පමණ පෙර කී රාජ්‍යයන් තුන මුල් කරගනිමින් ජීවිතක්ෂයට පත්ව තිබේ.